මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ගනුදෙණු කිරීමට සූදානමින්…!

indian-upee

මෙරට බැංකුවක් ඉන්දීය රුපියල්වලින් ගනුදෙනු කිරීම සඳහා එරට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර්  පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

වොස්ට්‍රෝ ගිණුම විවෘත කර ඇත්තේ ඉන්දීය රුපියල් වලින් ද්විපාර්ශ්වික වෙළඳාමක් සිදු කිරීම සඳහා ය.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ   කියා සිටියේ මහ කොමසාරිස්වරයා අද (20) ඉන්දීය රාජ්‍ය බැංකුවේ දකුණු ආසියානු කලාපීය ප්‍රධානී විකාස් ගොයෙල් සමඟ අදාළ කරුණු සාකච්ඡා කළ බවය.

වොස්ට්‍රෝ ගිනුමක් යනු එක් රටක  බැංකුවක් වෙනුවෙන්  තවත් රටක බැංකුවක  ගිනුමක් ආරම්භ කිරීමය.


උග්‍ර ආර්ථික අර්බුදය සහ ඩොලර් හිඟයක   වසරකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පීඩා කර ඇති පසුබිමක   ඉන්දියානු රුපියල නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස නම් කිරීම රටට අවශ්‍ය ද්‍රවශීලතා සහය ලබා දෙනු ඇති බවට තක්සේරු කර තිබේ..

වොස්ට්‍රෝ ගිණුම් විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලාංකිකයෙකුට  ඇමරිකානු ඩොලර්  10,000 (රුපියල් 8,26,823) මුදලක්  භෞතික ස්වරූපයෙන් තබා ගැනීමට අවස්ථාව සැලසී ඇත.

එසේම ශ්‍රී ලාංකිකයන්ට සහ ඉන්දියානුවන්ට ඔවුනොවුන් අතර ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ඇමෙරිකානු ඩොලර් වෙනුවට ඉන්දීය රුපියල් භාවිත කළ හැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වසරේ ජූලි මාසයේ සිට ඉන්දීය රජය ඩොලර් හිඟ රටවල විනිමය අවශ්‍යතා පියවීම සඳහා සිය රුපියල යෙදවීමේ යාන්ත්‍රණයට  යෑමට සුලසුම් කරමින් තිබේ.

 

 

Exit mobile version