මෙරට ප්‍රථම වතාවට කෘත්‍රිම සිංචනයෙන් බැටළුවන් පැටව් තුන්දෙනෙකු උපදී

කෘත්‍රිම සිංචනයෙන් පළමුවරට ලංකාව තුළ බැටලු පැටව් තුන්දෙනෙකු උපදී.
කෘත්‍රිම සිංචනයෙන් ලංකාව තුළ බැටලු උපත් පළමුවරට සාර්ථකව සිදුවෙයි.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ මාදම්පේ හොරකැලේ ගොවිපලේ බැටලු පැටවුන් තුන්දෙනෙකු ඉතා නීරෝගීව බිහිකිරීමට සමත්ව තිබේ.

මෙරට බැටලු ගොවිපල කර්මාන්ත දියුණු කිරිමට මෙය ඉතා යහපත් පෙරනිමිත්තක් බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පෙන්වා දෙයි.


ඉන්දීය වර්ගයක් වන රෙඩ් මැඩ්රාස් වර්ගයේ බැටලුවන් කෘත්‍රිම සිංචනය කිරිම මඟින් මෙසේ පැටවුන් බිහිකර තිබේ.

ඒ අනුව උසස් ගණයේ දේශීය බැටලු පැටවුන් නිපදවා ගැනීමේ ගැටලුව අවසන් වන බව අමාත්‍යවරයා පවසයි.

2019 වසරේ දී බැටලුවන් 65 දෙනෙකුට කෘත්‍රිම සිංචනය සිදුකළත් එය අසාර්ථක විය.

මේ වසරේ දී කෘත්‍රිම සිංචනය සිදුකිරීමට 48 දෙනෙකු තෝරාගත් අතර ඉන් 28කට මේ වන විටත් කෘත්‍රිම සිංචනය සිදුකොට තිබේ.

ඉන් අට දෙනෙකු ගැබ් ගෙන තුන් දෙනෙකු මේ වන විට පැටවුන් බිහිකර ඇත.

කෘත්‍රිම සිංචනය සඳහා බැටලු ශුක්‍රාණු ගෙන එනු ලබන්නේ ඕස්ට්‍රේලියාවෙනි.

මේ වන විට ගොවිපලේ බැටලුවන් 2880ක් සිටි.

එමෙන්ම මෙම ගොවිපල සූකර අභිජනන මාළු පැටවු බෝකිරීම ඇතුලු කටයුතු රැසක් සාර්ථකව පවත්වා ගෙන යන ගොවිපලකි.

රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත්, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල පී.මාගමගේ, හොරකැලේ ගොවිපල කළමනාකරු දේවමිත්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් බැටලු පැටවුන් පරීක්ෂා කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෘත්‍රිම සිංචනයෙන් උපත ලද බැටළුවෙක්

Exit mobile version