මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේ ආසාදිතයන්ගේ වැරදි දත්ත… සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පිළිගනී

දත්ත වැරදි බව තේරිලා තියෙන්නේ කොවිඩ් ආසාදිත මරණ අනුපාතය ඉහළ යනකොට...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් මෙරට සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කළේ වැදරදි දත්ත බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ රංජිත් බටුවන්තුඩාව පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

සිදුව ඇත්තේ දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බවත් ඔහු තවදුරටත් කියයි.

එම වැරැද්ද ඉක්මනින්ම නිවැරදි කිරීමට කටයුතු කරමින් සිටින බවත් ලංකාව තුළ මේ වන විට කොවිඩ් මරණ ඉහළ අනුපාතයක් පෙනෙන්නේ වාර්තාවන රෝගීන් ගණනට සාපේක්ෂව නිසා බැවින් ආසාදිතයන්ගේ සැබෑ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය අඩුවනු ඇති බවත් ඔහු කියයි.

අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසන්නේ කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලමින් සිටින බවය.

මෙම වරද නිවැරදි කර ගැනීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ නිලධාරීන් සමග අවශ්‍ය කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරමින් ඇති බවද පැවසූ ඔහු සිදුව ඇති වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද කියා සිටියේය.



Exit mobile version