මෙච්චර කල් “වහෙන් ඔරෝ කී දේ“ අගරදගුරු හිමියෝ කෙළින්ම කියති !

2019 ජනාධිපතිවරණයේ දී බලය ගන්න ගහපු උප්පරවැට්ටියක්?

රටේ අනාරක්ෂිත තත්ත්වයක් පවතින බව පෙන්වා එවැනි තත්ත්වයක් පාලනය කිරීමට නම් පාලනයේ වෙනසක් අවශ්‍ය බවට ජනතාව තුළ මතයක් නිර්මාණය කොට 2019 වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේදී බලය ලබා ගැනීමට ගහපු උප්පරවැට්ටියක් ලෙස 2019 අප්‍රියෙල් පාස්කු ප්‍රහාරය පෙනී යන බව මේ පිළිබඳව පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවෙන් පැහැදිලිව පෙන්වා දී ඇති බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද පැවසූහ.

රාගම තේවත්ත දේවස්ථානයේ දී පැවැති පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සිහි කිරීමේ විශේෂ දේව මෙහෙයකදී මේ බව සඳහන් කළ කාදිනල් හිමිපාණන් දැන් පිපිරෙමින් පවතින්නේ මේ අන්තවාදීන් සම්බන්ධ වූ මෙම කුමන්ත්‍රණයේ ඇත්ත එකින් එක හෙළි වීමේ බෝම්බය බව ත් දෙවියන් වහන්සේ එය එකින් එක හෙළි කරමින් සිටින බවත්ය.

එහිදී තවදුරටත් අදහස දැක්වූ අගදරගුරු හිමියෝ


“පාස්කු ප්‍රහාර බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි .දැන් පත්තු වන බෝම්බය මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතුවෙලා කරපු වැඩක් කියල යටගහන්න බලවතුන් උත්සාහ කළත් එන්න එන්නම ඇත්ත ඉස්මතු වන බෝම්බයයි දැන් පුපුරන්නේ. ඇත්ත යටපත් කරන්න කරන්න මතුපිට එනවා. දියේ ගිලි තිබෙන රබර් බෝලයක් ඉස්මතු වෙනව වගේ.

“මේ ප්‍රහාරය තුමන්ත්‍රණයක් කියල පැහැදිළියි. අන්තවාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කලින් දැනදැනගත් එක පැත්තතකින් එය දැන දැන කරන්න ඉඩ දීල තවත් පැත්තකින් එය වළක්වා නොගැනීමට සමහර නායකයන්ට ඕන කළේ දේශපාලන වාසි ලබා ගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නයි.

කවුද මේව කළේ උන්වහන්සේ හෙළිදරව් කරන්නට පටන් අරගෙන.මේ ගැන සොයන්න පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ ගැන කියල තියන දේ මෙන්න

කිහිප දෙනකු පමණක් දන්නා බුද්ධි තොරතුරු අදාළ පාර්ශ්වයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව බරපතල කරුණු සොයාගෙන තිබේ. මේවා බරපතල කරුණු

යම් වෙනත් අරමුණු තිබූ පුද්ගලයන් විසින් එම වසර අග භාගයේ පවත්වන්නට තිබූ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රට තුළ බියක් සහ අවිනිශ්චිතාවක් ඇති කිරීමේ අරමුණු ඇති කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියා නොකළේද යන්න පිළිබදව දැන දැනත් වසන් කරල ජීවිත ආරක්ෂා කිරීමට කිසිම දෙයක් නො කරන්න උත්සාහ කළ අය වළක්වපු අය ගැන යටිකූටේටු අදහසක් කියල නිර්දේශ කරල.

මේ ගැන කාගෙන්ද ප්‍රශ්න කළේ මොනවද කළේ?

මෙවන් තත්ත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මග පාදනු ඇත. මෙවන් බියක් ඇතිකරල රටේ සුරක්ෂිතතාවක් නෑ කියල පෙන්න්මු කරල ඡන්දය දිනා ගන්නට ගහපු උප්පරවැට්ටයික් බව මේ වාර්තාවෙන් පැහැදලිව පේනවා. “ යයි උන්වහන්සේ පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වොයිස් ටියුබ් නාලිකාව උන්වහන්සේ ගේ ප්‍රකාශය අන්තර්ජලය වෙත යොමු කර තිබුණේ මෙසේය.

Exit mobile version