මෙගාවොට් 129 පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති 58ක් මග නතරවෙලා… ලංවිම නිසා 25ක් කොටඋඩ.. 

ලලිත් චාමින්ද  –

බලශක්ති බලපත්‍ර නිකුත් කළද විවිධ හේතුන් නිසා නව පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති 58ක ඉදිකිරිම් කටයුතු    නතර වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

මෙම තත්වය නිසා මෙම ව්‍යාපෘති 58 මගින්  සැපයෙන  මෙගාවොට් 129.75ක  විදුලි ධාරිතාවය  ජාතික විදුලිබල පද්ධතියට  එක් කිරිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  

බලශක්ති බලපත්‍රය ලබාදෙන අවස්ථාව වන විට  මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දේපාර්තමේන්තුව, හා වනජිවි දේපාර්තමේන්තුව යන ආයතනවලින්  ලබාගෙන ඇති අනුමත කාලය  ඉකුත්විම නිසා  නැවත අනුමැතිය දිර්ඝ කරගැනිමට ව්‍යාපෘති සංවර්ධනකරුට සිදුවේ. එහිදි අදාල ආයතන මගින්  අනුමැතිය ලබාදීම දිර්ඝ කිරිම ප්‍රතික්ෂේප කිරිම  හා  ප්‍රමාද කිරිම නිසා  ඉදිකිරිම් කටයුතු  ආරම්භ  නොකළ මෙගාවොට් 23 ධාරිතාවයක් සහිත ව්‍යාපෘති සංඛ්‍යාව 13කි. ඉඩම් අත්පත්කරගැනිමේ ප්‍රමාදයන් හේතුවෙන්  මෙගාවොට් 13ක ධාරිතාවයක් සහිත  ව්‍යාපෘති 12ක ඉදිකිරිමි කටයුතු නතර වි ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකා විදුලිබල මණ්ඩලය  විසින් බලශක්ති  මිලදි ගැනිමේ  ගිවිසුම අත්සන් නොකිරිම නිසා  මෙගාවොට් 80ක ධාරිතාවයක් සහිත ව්‍යාපෘති  25ක් හා  අනිකුත් විවිධ හේතුන්මත  මෙගාවොට් 14ක ධාරිතාවයක් සහිත ව්‍යාපෘ 08ක  ඉදිකිරිම් කටයුතු ඇණහිට ඇති බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

Exit mobile version