මුහුදේ ගිල්වූ අබලන් බස්රථ  මාළු බෝවීම වැඩිකරනවාද?

නාරා ආයතනය සරසවි සමග එක්වී පරීක්ෂණ ආරම්භ කිරීමේ සැලසුමක්...

ලලිත් චාමින්ද –

මත්ස්‍ය ගහනය වැඩිකිරිමේ අරමුණින්  මුහුදු  පතුලේ කෘතිම වාසස්ථාන ඇති  කිරිම සඳහා  අබලන් බස්රථ, ධිවර බොට්ටු හා දුම්රිය මැදිරි මුහුදේ ගිල්වු ස්ථානවල මාළු බෝවීම පිළිබඳ ඉදිරියේ දි විශ්ව විද්‍යාල සමග එක්වි  අධ්‍යයනයක් කිරීමට ද බලාපොරොත්තු වනබව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර පවසයි.

මාසයක් වැනි කාලයකදි  මෙම ස්ථානවල මාළු පැටව් බොවෙන්නට පටන්ගන්නා බවත්  ඇල්ගි තට්ටු තැන්පත්වි වැලිපර හා කොරල්පර නිර්මානය වි මාස 06ක් පමණ යනවිට මෙම ස්ථාන මත්ස්‍යයින් පිරුණු කලාප බවට පත්වන බවත් හෙතෙම පැවසුවේය.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත්ස්‍ය ගහනය වැඩිකිරිම සඳහා කෘතිම වාසස්ථාන ආරම්භ කිරිමේ දෙවැනි අදියර  දකුණු මුහුදු තිරය  කේන්ද්‍රකරගෙන  ගාල්ල වරාය අවට මුහුදු තිරයෙන් පසුගියදා ආරම්භ කරනු ලැබිය.


Exit mobile version