මුස්ලිම් මන්ත්‍රීවරු 17ක් පාස්කු ප්‍රහාර පරීක්ෂණ වළක්වන්න බලපෑම් කළා…

සහරාන්ලා නිර්මාණය කළේ   මේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටින මුස්ලිම් දේශපාලනඥයෝ -  මොහොමඩ් මුසම්මීල්

පසුගිය යහපාලන ආණ්ඩුවේ සිටි මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ යට ගැසීමට උත්සාහ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.  ඔහු මේ බව කීවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ ඒ බව සඳහන් වී ඇතැයි මන්ත්‍රීවරයා එම පිටුව උපුටමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

‘පාස්කු ප්‍රහාරය අහඹු සිදුවීමක් නොවෙයි. වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් තමයි අපිට අත්විදින්නට සිදුවුණේ. ඉතිහාසයේ ශ්‍රී දළාදා මාළිගාවේ සේවය කරපු මුස්ලිම් මිනිස්සු හිටියා. ඔවුන් මස් මාංශ අනුභව කළේ නෑ. ඔවුන්ගේ ආගම ඉස්ලාම් වුනත් ඔවුන් දළදා මාළිගාවේ සේවය කළා. එහෙම ජාතික සමගියක් තිබුණු රටක් මේක. මේ දේශපාලකයන් විසින් වැපිරූ ජාතිවාදයේ ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ.


සහරාන්ලා නිර්මාණය කළේ වෙන කවුරැත් නෙවෙයි මේ ඉදිරිපෙළ අසුන්ගෙන සිටින මුස්ලිම් දේශපාලනඥයෝ. මේ කොමිෂන් සභා වාර්තාවේ එක දෙයකට මම කැමතියි. ඒ තමයි මේකේ හරි පැහැදිලිව “ඉස්ලාම් අන්තවාදය” කියල කියලා තිබෙනවා.

මේ රටේ මොන මුස්ලිම් නායකයද මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් එක වචනයක් හරි කතා කරලා තියෙන්නේ. හම්බන්තොට වරාය විකුණද්දි එකෙක් කට ඇරියද?. ජිනීවා ප්‍රශ්නෙට එකෙක් කට ඇරියද? .අඩුම ගානේ බඩුමිල වැඩිවෙලා තියෙනවා . ඒ වෙනුවෙන් වචනයනක් කතා කාලද?.  හැමදාම කළේ අන්තවාදී ඉල්ලීම්.

අවසානයේදී මේ රටේ මුස්ලිම් බත් කඩෙන් බත් කාපු සිංහලයයි මාතර බත්කඩෙන් බත් කාපු මුස්ලිම් මිනිහයි  අන්තවාදී දේශපාලකයෝ හලාල් සහතිකය ගෙනල්ලා වෙන්කලා’ යැයි මන්ත්‍රීවරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version