මුල්‍ය සමාගමක ණය උගුලකට හසුවූ කතක් සියදිවි නසාගනී

දිනසේන රතුගමගේ

මූල්‍ය සමාගමක තවත් ණය උහුලකට හසු වූ වවුනියාව කට්පහපුරම් ප්‍රදේශයේ කාන්තාවන් එම ණය ගෙනා ගැනීමට නොහැකිව 14 දා සිය නිවසේම ගෙළ වැලලාගෙන මියගොස් තිබේ.

මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ එම ගම්මානයේ පදිංචිව සිටි මුත්තුකුමාර් ගාජිනී නැමති 27 හැවිරිදි දෙදරු මවකි.


ඇය සිය නිවසේ තනි වූ අවස්ථාවකදී නිවසේ බාල්කයක එල්ලී සියදිවි හානි කරගෙන ඇති අතර මියගිය කාන්තාවගේ මවට ඇය වාර කීපයක්ම මෙම ණය උගුලේ හසුවී තමන් වැටී සිටින දුක්ඛිත තත්ත්වයත් ණය ගත් ආයතනයේ පිරිස තමාගෙන් ණය මුදල් ඉල්ලා කරදර කරණ බවත් ප්‍රකාශ කොට තිබේ.

කට්පහපුරම් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට සිද්ධිය දැන ගැනීමට ලැබීමෙන් පසුව ඔහු අදාල නිවස වෙත පැමිණ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් වවුනියාව පොලීසියට තොරතුරු දැණුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වවුනියාව පොලීසිය මියගිය කාන්තාවගේ මළ සිරුර වවුනියාව මහ රෝහල වෙත බාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version