මුල්ලිවයිකාල්වල යුද්ධයෙන් මිය ගිය අය සමරන්න එන සියල්ලන්ම අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

මුලතිව් මුල්ලිවයිකාල්  ප්‍රදේශයට ජනතාව ඒකරාශී කිරීම හා  කණ්ඩායම් වශයෙන් පැමිණ පහන් දැල්වීම තහනම් කරමින් මුලතිව් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා තිබේ.

මුලතිව් පොලීසිය විසින් කොරෝනා මර්දන නීති රීති මත අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලිමකට අනුව මුලතිව් අධිකරණය මෙම වාරණ නියෝගය පනවා තිබේ.

මුලතිව් පොලීසිය පැවසුවේ ඉතා විශාල කණ්ඩායම් පැමිණ මැයි මස 18 වෙනිදා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුද්ධයෙන් මියගිය පිරිස සමරා පහන් දැල්වීමේ සූදානමක් ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම අධිකරණ නියෝගය ලබා ගත් බවයි.


පළාතේ කොරෝනා රෝගය පාලනය කිරීම සදහා එම තත්ත්වය විශාල බාධාවක් බැවින් අධිකරණ නියෝගය ලබාගත් බවත් එම අධිකරණ නියෝගය කඩ කරණ ඕනෑම තරාතිරමක අය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් මුලතිව් පොලීසියේ නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.

මහා මාර්ග වලට පැමිණ කණ්ඩායම් වශයෙන් බැනර් රැගෙන යතුරු පැදි වලින් ගමන් කිරීම ඇතුළුව රංචු ගැසී සිදු කරණ සියළුම ක්‍රියාවන් තහනම් මෙන්ම  මැයි මස 20 වෙනිදා දක්වා මුලතිව් අධිකරණ සීමා බලප්‍රදේශය තුළ යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ කටයුතු තහනම් කොට ඇති බවද මුලතිව් පොලීසිය ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් පොලීසිය විසින් අධිකරණ නියෝගය මුලතිව් ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාධරයින් ඇතුළු විශාල පිරිසකට බාරා දී ඇත.

Exit mobile version