මුලතිව් විශ්වමඩුවල දී ඉන්ධනහලක් අසල ප්‍රචණ්ඩාකරී පිරිසක් හා හමුදාව සමගත් ගැටෙයි…

තත්වය පාලනයට හමුදාව අහසට වෙඩි තබයි... තිදෙනෙක් අත්අඩංගුවේ... දෙපිරිසක් අතර ගුටි කෙළියෙන් 2ක් රෝහලේ..

දිනසේන රතුගමගේ –

මුලතිව් විශ්වමඩු මුල්ලියාවලෙයි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් අසල ඊයේ (18)  දා රාත්‍රී ඇති වූ ගැටුමක දී එය සමථයකට පත් කරන්නට මැදිහත් වුනු හමුදා පිරිස් අතරින් යුද හමුදා සෙබලුන් දෙදෙනෙකුට පහර දුන් පිරිසක්  පාලනය කර ගැනීම සඳහා යුද හමුදාව අහසට වෙඩි තබා  සැකකරුවන් තුන්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඉන්ධන පිරවුම් හලේ පෝලිම පැනීමේ සිද්ධියක් මත මුලින්ම තරුණයෙකු තවත්  තරුණයෙකුට පහර දී ඇති අතර ඉන් ස්වල්ප වේලාවකට පසුව පහර කෑ තරුණයාගේ හිතවතුන් පිරිසක් පොලු මුගුරු රැගෙන විත්  පහර දුන් තරුණයාට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන ඇත.

තත්ත්වය පාලය කිරීමට ගිය යුද හමුදා භටයින් දෙදෙනෙකුටද පොලු පහරවල් වැඩී ඇති අතර පසුව එම තරුණයෝ යුද හමුදා හටයින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.

මේ අව්ස්ථාවේදී යුද හමුදාව අහසට වෙඩි තබා පුද්ගලයින් බිය කොට තත්ත්වය පාලනය කොට ඇති අතර පොලීසියේද සහය මත සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තුන් දෙනෙකු අත් අඩංගුවට ගෙන්  ඇත.


තරුණයින් දෙපිරිස අතර ඇති වූ ගැටුමින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කොට තිබේ.

පසුව විරෝධයක යෙදුණු තරුණයෝ  පුදුකුඩිඉරිප්පු මාර්ගය අවහිර කරමින් හා කෑකෝ ගසමින් හැසිරී ඇති අතර  දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් අදාල ස්ථානයට පැමිණ තරුණයින් සමග සාකච්ඡා කොට ගැටුම් හා විරෝධතා නවතා දමා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධියෙන් පසුව තාවකාලිකව ඉන්ධන පිරවුම් හල වසා දමා ඇති අතර මුලතිව් පුදුකුඩීඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version