මුලතිව් යුද්ධයෙන් මිය ගිය පිරිස සැමරීම හෙට ඇරඹෙයි…

දිනසේන රතුගමගේ –

යුද්ධයේදී මියගිය පිරිස සැමරීම සදහා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී උත්සව රැසක් 10 වෙනිදා සිට  18 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

දෙමළ දේශපාලන පක්ෂ, යාපනය විශ්ව විද්යාලයේ ශිෂ් සංගමය හා තවත් ස්වෙච්ඡා සංවිධාන කීපයක් විසින් මෙම  උත්සව  සංවිධානය කොට තිබේ.

අනුව යුද්ධයේ අවසන් කාලයේදී මුලතිව්වලට කොටු වූ ලක්ෂ සංඛ්යාත ජනකායක් කැඳ පානය කිරීමෙන් ජීවිතය ගලවා ගත් ආකාරය යළි සිහිපත් කරමින් වෙල්ලමුල්ලිවයික්කාල් ප්රදේශයේදී කැද බෙදා දීම් ආරම්භ වන අතර එම  කැද දන්සැල් 15 වෙනිදා දක්වා පැවැත්වේ.

අවසන් උත්සවය මැයි මස 18 වෙනිදා  මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්රදේශයේ  පැවැත්වීමට නියමිතව ඇති අතර එම අවස්ථාවට යුද්ධයේදී මියගිය පිරිස්වල ඥාතීන් හා තවත් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.  


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම උත්සවයේදී යුද්ධයෙන් මියගිය පිරිස සමරා පහන් දැල්විමටත්  තවත් සැමරුම් කීපයක් සිදු කිරීමටත් සංවිධායකවරු පියවර ගෙන තිබේ.

Exit mobile version