මුලතිව්-යාපනය කළු කොටි සැමරුම්

බෝම්බය පිපිරුණු හිටපු කොටි සාමාජිකයාගේ නිවසෙනුත් සාක්ෂි

දිනසේන රතුගමගේ:

කිළිනොච්චියේ සංවිධානාත්මක තරුණයින් පිරිසක් මුලතිව් ප්‍රදේශයට ගොස් කලුකොටි දිනය වශයෙන් සැලකෙන ජූලි 5 වෙනිදා එම උත්සවය සැමරීමට සූදානමින් සිටි බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබේ.

බෝම්බයක් පිපිරී එක් පුද්ගලයෙකු තුවාල ලැබූ නිවසේ තිබී හමු වූ භාණ්ඩ අතර ජූලි 5 වෙනිදා කලුකොටි දිනය බව දැක්වෙන පෝස්ටරයක් හමු වී තිබේ.


මේ සදහා උපයෝගී කරගන්නට සූදානම් කරණ ලද බෝම්බයක් කිසියම් හෝ අත්වැරැද්දක් හේතුවෙන් 4 දා පුපුරා නොයන්නට එම බෝම්බය මුලතිව් දක්වා රැගෙන යාමට සැලසුම් කොට ඇති බවට ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබේ.

බෝම්බ පිපිරීමෙන් නිවසේ සිටි පුද්ගලයෙකු තුවාල ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ කාන්තාවක් පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගන්නා ලද කාන්තාව පාසල් ගුරුවරියක වන අතර ඇය කළින් එල්.ටී.ටී.ඊ.සාමාජිකාවක් බවට තොරතුරු වාර්තා වූවත් ඇය නොව බෝම්බයෙන් තුවාල ලබා සිටින පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකු බව හෙලි වී තිබේ.

රජයේ පුනරුත්ථාපන ක්‍රියාදාමයට ඔහු නතු වීමෙන් පසුව ඔහුද පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.සාමාජික සාමාජිකාවන් විසින් පිහිටුවා ගන්නා ලද ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පක්ෂයේ ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කළ බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් ජූලි 5 දා රාත්‍රී එල්.ටී.ටී.ඊ.කලු කොටි දිනය සැමරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

ජූලි මස 5 වෙනිදා යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් කීපයක මැදිහත් වීමෙන් කලු කොටි දිනය සමරා තිබේ.

විශ්ව විද්‍යාල සිසුන් මෙහිදී මියගිය කලු කොටි සාමාජික සාමාජිකාවන්ගේ ඡායාරූප වලට ඉටිපන්දම් දල්වා මල් තබමින් මියගිය පිරිස සිහිපත් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් යාපනයේ ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබීමෙන් පසුව ඒ පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version