මුලතිව් මැරයෝ වාහන දෙකකට ගිනි තබා පුද්ගලයෙකුට පහර දෙති… පහර කෑ අය අසාධ්‍යව රෝහලේ…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් කල්ලපට්ටු ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තුබූ වෑන් රථයකට හා තවත් මෝටර් රථයකට ගිනි තැබූ මැරයින් පිරිසක් නිවසේ අයිතිකරුටද 27 දා රාත්‍රී පහර දී පලාගොස් තිබේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා බරපතල තුවාල සහිතව මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.

ගින්නට හසු වී රුපියල් ලක්ෂ තිස් දෙකක පමණ වටිනා වෑන් රථය මුලුමනින්ම විනාශ වී ගොස් ඇති අතර මෝටර රථයේද කොටසක් ගිනිගෙන විනාශ වී ගොස් තිබේ.

ප්‍රහාරය සදහා පැමිණි මැරයින් පිරිස නිවසේ බඩුබාහිරාදිය හා ජනෙල් ද පොලු වලින් ගසා කුඩුපට්ටම් කොට ඇති අතර මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version