මුලතිව් භූමි තෙල් ළිඳට තෙල් එන හැටි හෙළි වෙයි!

දිනසේන රතුගමගේ –

මුලතිව් වොඩියාර්කට්ටු කුරුවි ගම්මානයේ ළිඳකින් භූමිතෙල්  හමු වීමට පටන්   ගෙන ඇත්තේ යුද සමයේදී කොටි සංවිධානයේ ඉන්ධන ගබඩාවක ටැංකියක් සිදුරු වීමෙන් ගලා ආ භූමිතෙල් නිසා බව පුදුකුඩීඉරිප්පු පොලිස් නිලධාරීන් විසින් ඊයේ (8 )   සනාථ කරගෙන තිබේ.

ඉඩම් හිමියා යුද සමයේදී සිය ඉඩම අතහැර ආරක්ෂිත ස්ථානයකට පලා ගිය අවස්ථාවේදී කොටි සාමාජිකයින් ඔහුගේ ඉඩමේ ඉන්ධන ගබඩාවක් පවත්වා ගෙන ගොස් ඇත

යුද්ධය දරුණු  වන විට කොටි සාමාජිකයින් ඉන්ධන පිරවුම් හලේ වළ දමා තිබූ ඉන්ධන ටැංකි අතහැර පලා ගොස් ඇති අතර සාමය එළඹීමෙන් පසුව ඉඩමේ අයිතිකරු සිය ඉඩමට පැමිණ ඇත.

පසුගිය දින වල ඇද හැළුණු  අධික වර්ෂාවට පසුව ඉඩම් හිමියා සිය ගෙවත්තේ පිහිටි ළිද  සම්පූර්ණයෙන් ඉස පිරිසිදු කිරීමෙන් පසුව ළිදට අළුතින් ජලය වෙනුවට භූමිතෙල් ලැබෙන්නට පටන් ගෙන තිබේ


මෙම ළිදේ ජලයෙන් කඩදාසියක් පොගවා ගින්නට ළං කළ විට ඉතා ක්ෂණිකව ගිණි ගන්නා නිසා ඉඩම් හිමියා මේ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයා මාර්ගයෙන් පුදුකුඩීඉරිප්පු  පොලීසිය දැනුවත් කොට තිබේ

පොලීසියේ නිලධාරීන් එහි ගොස් මූලික පරීක්ෂණ අරම්භ කොට තුළින් අනාවරණය කරගෙන ඇත්තේ භූමිතෙල් ළිඳට උනනු ලබන්නේ කොටි සාමාජිකයින්ගේ භූමිතෙල් ගබඩාවේ වළ දැමූ ටැංකියක් සිදුරු වීමෙන් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ආරක්ෂක පියවරක් වශයෙන්  ළිඳෙන්  ජලය හෝ භූමිතෙල් ලබා ගැනීම  තාවකාලිකව තහනම්  කොට ඇත.

Exit mobile version