මුලතිව් පොලොව යටින් මුතුවුන භූමිතෙල් කෑන්….

අවුරුදු 15කට පෙර කොටි වැළලු භූමිතෙල් මුලතිව් පොලොව යටින් මතුවෙයි.. ලීටර 715යි… ඉතාම හොඳ තත්ත්වයෙන් 

දිනසේන රතුගමගේ –

යුද සමයේදී කොටි සාමාජිකයින් විසින් මුලතිව් පුදුකුඩීඉරිප්පු උඩයාර් ප්රදේශයේ වළ දමා තිබූ භූමිතෙල් ලීටර් 715 ක් මුලතිව් ආරක්ෂක අංශ විසින් 20 දා ගොඩ ගෙන තිබේ.

එම ප්රදේශයේ වැසියෙකු නිවසක් ඉදිකිරීම සදහා ගෙපැලක් කැපීමට ගිය අවස්ථාවේදී පොලොව යටින් ප්ලාස්ටික් කෑන් එකක කොටසක් මතු වී ඇති අතර ඔහු පිළිබදව පුදුකුඩීඉරිප්පු පොලීසියට කළ දැණුම් දීමකට අනුව පොලීසිය එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

අනතුරුව සිද්ධිය පිළිබඳව මුලතිව් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව මුලතිව් විනිසුරු ආර්.සරවනරාජා මහතා විසින් එම ස්ථානය හාරා අදාල භූමිතෙල් තොගය ගොඩ ගන්නා ලෙසට අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.

ප්ලාස්ටික් කෑන් හතක දමා අදාල භූමිතෙල් තොගය වළ දමා තිබූ අතර එම භූමිතෙල් පරීක්ෂා  කොට බැලීමේදී ඒවා ඉතාම හොද තත්තවයේ තිබී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


භූමිතෙල් තොගයට කළ යුතු  දේ පිළිබදව මුලතිව් අධිකරණයෙන් තීන්දුවල් ලැබුණු පසුව කටයුතු කරණ බව පවසන පුදුකුඩීඉරිප්පු පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version