මුලතිව් ගෙවත්තක බෝම්බයක් පිපිරේ… ගණකාධිවරයෙකුට තුවාල….

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් ස්වාමීතෝට්ටම් ප්‍රදේශයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් ගණකාධිකාරීවරයෙකු තුවාල ලබා 25 දා දහවල් මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ගණකාධීකාරීවරයා සිය ගෙවත්තේ කුණු කසල ඉවත් කොට ස්වාමීතෝට්ටම් නැමති කිසිවෙකු පදිංචි නොමැති පොල් වත්තකට දමා ගිනි තබා ඒ අසල සිටියදී මේ බෝම්බය පිපිරී ගොස් තිබේ.

බෝම්බය පිපිරීමෙන් තුවාල ලැබූ ඔහුව මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.
සිද්ධියත් සමගම මුලතිව් පොලීසියේ නිලධාරීන් හා යුද හමුදාව බෝම්බය පිපිරී ගිය ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version