මුදල් කාරක සභාවේ මන්ත්‍රීවරු 18 දෙනා නම් කෙරේ…

කතානායක මහින්ද යාපා අබේවර්ධන  විසින් නව පාර්ලිමේන්තුවේ  පළමු සැසිවාරයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා නම් කරන ලද මන්ත්‍රීවරුන් 18 දෙනා  අද (03) ප්‍රකාශයට පත් කළේය.

ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක, ආචාර්ය සරත් වීරසේකර,  ආචාර්ය නාලක ගොඩහේවා, ඩී.වී චානක   යන ඇමැතිවරුන්ද අනුර ප්‍රිදර්ශන යාපා, විජිත හේරත්, ඩිලාන් පෙරේරා, ආචාර්ය හර්ෂ ද සිල්වා, මහාචාර්ය රංජිත් බණ්ඩාර,  එම්.ඒ සුමන්තිරන්, චමින්ද විජේසිරි, හේෂා විතානගේ, ඉසුරු දොඩන්ගොඩ, සහන් ප්‍රදීප්, සහ අනුප පැසකුවල් යන මන්ත්‍රීවරුන්ද මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෝ වෙති.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 13 ක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙක් මෙම කාරක සභාව නියෝජනය කරති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහි සභාපතිධූරය හිමිවිය යුත්තේ විපක්ෂයට බැවින් ඒ සඳහා ආචාර්ය හර්ෂද සිල්වා පත් කරන ලෙසට මේ වන විටත් සමගි ජන බලවේගය ඉල්ලීමක් කර ඇත. එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති ආණ්ඩුව සාමාජික මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමකින් සභාපතිවරයා තෝරාපත් කර ගැනීමට තීරණය කර ඇත. මුදල් කාරක සභාවේ පළමු  රැස්වීමේදී එහි සභාපතිවරයා තෝරා ගැනීමට නියමිතය.

Exit mobile version