මුතුරාජවෙල අනවසර ගොඩකිරීම් හා ඉදිකිරීම් වහා ඉවත් කරගැනීමට නියෝග

කීර්ති ප්‍රනාන්දු – 

මුතුරාජවෙල අභය භූමිය සීමාවේ අනවසර වගුරු බිම්වල සිදු කර ඇති ගොඩකිරීම් හා ඉදිකිරීම් වහාම ඉවත් කරන ගන්නා ලෙස අදාල පුද්ගලයන්ට දැනුම් දී  තිබේ.

නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉඩම් සංවර්ධන  කිරීමේ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී විසින් මෙම නියෝගය සිදු කර ඇත.

එසේම කිසිදු ලිඛිත අවසරයකින් තොරව කොළඹ – කටුනායක අධිවේගයේ ජා ඇල පිවිසුම් මාර්ගය  දෙපස ගොකර ඇති වගුරු බිමවලට ද මෙම නියෝගය ලබා දී ඇත.


මෙම නියෝගයට අනඅුව අදාල ගොඩකිරීමේ හා ඉදිකිරීම් ඉවත් කර නොගතහොත් කිසිදු දැනුම්දීමකින් තොරව එම ඉදිකිරීම් හා ගොඩකිරීම්වලට තහනම් නියෝග ලබා ගැනීමටත් නඩු පැවරීම සඳහාත් අධිකරණයේ නඩු පැවරීම සිදුකරණ බවද නියෝගයේ දක්වා ඇත.

මෙසේ නීති විරෝධී ගොඩකිරීම් හා ඉදිකිරිම් කර ඇති පුද්ගලයින්ට ලිඛිතව මෙම නියෝගය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ නියෝගයේ පිටපත් ජාඇල ප්‍රාදේශීය ලේකම්, ජා ඇල නගර සභාව හා ජා ඇල  පොලිස් ස්ථානය වෙත ද යොමු කර ඇත.

 

Exit mobile version