මුඛය පිරිසිදු කරන්න නොඉදුල් පොල් තෙල් 

Cold pressed extra virgin coconut oil in bottles with coconut fruits in white background

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා සමයේ සැවොම උනන්දු වන්නේ මෙම රෝගයෙන් වැලකී සිටිමටයි. රෝගයෙන් වැලකීමට ශරීරය සූදානම් කරවීමේ එක් පියවරක් වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමය. ප්‍රතිශක්තිය වර්ධනය කිරීමදී එක් මූලික පියවරක් ලෙස වෛද්‍යවරුන් දකින්නේ මුඛය මැනවින් පවත්වාගෙන යාමය. මේ සඳහා සුපුරුදු දන්ත සෞඛ්‍ය පුරුදුවලට අමතරව මුඛයේ බැක්ටිරියා වෛරස වැනි විෂ බීජ හරණය සඳහා නොඉඳුල් පොල් තෙල් ඉතා සුදුසු බව දන්ත වෛද්‍යවරු යෝජනා කරති. ඔවුන්ගේ මෙම යෝජනාවට පදනම් වී ඇත්තේ නොඉඳුල් පොල්තෙල්වල පවතින ප්‍රදාහ සහ වේදනා වැළැක්වීමේ ගුණය පිළිබඳව සිදු කළ පුළුල් පර්යේෂණයේ ප්‍රතිඵල පදනම් කර ගනිමිනි. මෙම ප්‍රතිඵල එලි දැකීමත් ආසියාවේ සාම්ප්‍රදායික ඖෂධීය ගුණ පිළිබඳව වාර්තා විමත් සමඟ මේ වනවිටත් මුඛ සේදුම්කාරකයක් ලෙස නොඉුල් පොල් තෙල් ප්‍රවර්ධනය කිරීමට ඇතැම් සමාගම්  පියවර ගෙන ඇත.  ඇමෙරිකානු දන්ත වෛද්‍ය සංගමය ද පවසන්නේ නොඉඳුල් පොල් තෙල් ස්වල්පයක් මුවට ගෙන විනාඩි 10ක් පමණ රඳවා බාගෙන එය කලතා ඉවත් කිරීම දන්ත ‍රෝගවලින් ඈත් කරවීමට හෙතු වන බවය.

Exit mobile version