මීරිගමට මෙපිටින් දුම්රිය මාර්ගය ගිලා බසී… දුම්රිය වේයන්ගොඩට පමණයි!

මීරිගම සිට කොළඹ දෙසට ගමන් ගන්නා දුම්රිය මාර්ගයේ මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ එක් ස්ථානයක් අද (14) ගිලාබැසීමකට ලක්වී  තිබීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේයන්ගොඩට සීමා කර තිබේ.

එක් මාර්ගයක සිදුවූ මෙම ගිලා බැසීම මාර්ග දෙකටම බලපා ඇති බව වාර්තා වේ.  දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිට එම මාර්ගය කඩිනමින් පිළිසකර කරමින්  සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මාධ්‍යයට පවසා තිබිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ පුවත් සේවය සිදුවීම වාර්තා කළේ මේ ලෙසය.


Exit mobile version