මීනි මැරුමක් කර ඩුබායි පනින්නට ගිය යුවලක් කටුනායක දී කොටු…

කීර්ති ප්‍රනාන්දු – 

ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනීමැරුමක් සිදු කර , ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් , ඊයේ (30)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඊයේ   රාත්‍රී 08.35 ට ඩුබායි බලා පිටත්ව යන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන් යානයට පිවිසීමට උත්සාහ කරද්දී මේ දෙපළ අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සුබසිංහ සිරිවර්ධන නුවන් චින්තක (31) නැමැත්තෙක් සහ    දෙල්අංගේ ගෙදර අනුරාධා සෙව්වන්දි (19) නැමැති  තරුණ කාන්තාවකි.

ඉකුත් 27 දා  දින ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ පුද්ගල ඝාතනයක් සිදුකළ සැක කරුවන් දෙදෙනෙක්     ඩුබායි වෙත පළා යෑමට සුදානම් වන බවට ලද තොරතුරක් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත ලබා දී තිබීම හේතුවෙන් මේ දෙදෙනාට එරෙහිව කටුනායක ගුවන් තොටුපල ආගමන විමගමන අංශය විසින් පනවා තිබී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් යුවල ඊයේ     රාත්‍රීයේම කටුනායක ගුවන් තොටුපළ පොලීසිය විසින් ගල්කිස්ස පොලීසිය වෙත   භාරදී තිබේ.

Exit mobile version