මීගමුව බන්ධනාගාරයේ සුරසැප දෙන්න ලක්ෂ ගණන් කළ ගනුදෙනු හෙළිවෙයි

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ විසින් සිරකරුවන්ට සුඛෝපභෝගී සිර මැදිරිය වෙන් කිරීම වෙනුවෙන් රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂ 2 දක්වා වූ මුදල් අයකළ බව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පසුගියදා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු මේ බව පවසා ඇත්තේ, අත්අඩංගුවට ගෙන සිටින, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ සෙසු නිලධාරීන් 4 දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ඇතැම් සිරමැදිරි හෝටල් කාමර ආකාරයෙන් සකස් කර ඇති බවයි.


එමෙන්ම ඒවා මත් ජාවාරම්කරුවන් හා වෙනත් අපරාධකරුවන් වෙනුවෙන් මුදල් අය කර ගනිමින් වෙන් කර ඇති බවට ද බවටද දිලීප පිරිස් මහතා අධිකරණයේදී පවසා ඇත.

මෙම සුඛෝපභෝගී සිර මැදිරිවල මුදල් අයකිරීමේ ගනුදෙනු බන්ධනාගාරයේ ආපනශාලාව හරහා සිදුවී ඇති බවද දිලීප පිරිස් මහතා අධිකරණයේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මෙම කරුණු හෙළි වී ඇත්තේ මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කරන ලද විමර්ශනවලින් බවද දිලීප පීරිස් මහතා සඳහන් කර ඇත.

එමෙන්ම අනුරුද්ධ සම්පායෝගේ සෘජු අධීක්ෂණය යටතේ L මැදිරියේ රඳවා සිටින සිරකරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සහ බෙදා හැරීම හැරීම ද සිදු වී ඇති බව විමර්ශන මගින් හෙළි වී ඇතැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.

විමර්ශන සිදු කිරීමේ දී හමුවූ විද්‍යුත් තරාදිය එම කටයුතු සදහා යොදා ගෙන ඇති බවටද හෙළිවී ඇත.

මීගමුව බන්ධනාගාරයෙන් හමුවූ රයිස් කුකර් එක සහ ශිතකරණය භාවිතයට ලබා දී ඇත්තේ ග්‍රෑම් 200ක හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් රඳවා සිටින සිරකරුවෙකු වෙනුවෙන් බවට ද හෙළිවී ඇතැයි දිලීප පිරිස් මහතා අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.

ශීතකරණය අදාල සිරකරුගේ දෛනික ඉන්සියුලින් ගබඩා කර තැබීම සඳහා යොදාගත් බව කීවද වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ එම සිරකරුට ඉන්සියුලින් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අනුරුද්ධ සම්පායෝ බන්ධනාගාරයේ රැඳවියන්ට ජංගම දුරකථන භාවිත කිරීමට ඉඩදීම වෙනුවෙන් මසකට එක් ලක්ෂ පනස් දහසක මුදලක් අය කරගෙන ඇතැයිද විමර්ශනවලදී හෙළිවී ඇතැයි පැවසේ.

පීරිස් මහතා අධිකරණයට වැඩිදුරටත් පවසා ඇත්තේ අනුරුද්ධ සම්පත් අත්අඩංගුවට ගැනීම, මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ ඔහුගේ සමීප පාසල් මිතුරා වූ සම්පායෝ අතර සිදු වූ ‘ඩීල්’ එකක් බවයි.

මේ නිසාම සම්පායෝට ඇප නොදෙන ලෙස ද ලෙස රජයේ අතිරේක සොලිසිටර්ද ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ අගෝස්තු 31 වැනි දා තෙක් අනුරුද්ධ සම්පායෝ සහ සෙසු නිලධාරීන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

Exit mobile version