මීගමුව ප්‍රාදේශීය ලේකම්ගේ මරණය – අම්මා හඬා වැටෙමින් පුතා ගත කළ පීඩාකාරී ජීවිතය ගැන කියයි!

suicide

සිය කුළුඳුල් දරුවා මිය යෑමත්,  බිරිය දැඩි ලෙස රෝගාතුර වීමත් හේතුවෙන් සිය පුතනුවන් දැඩි මානසික පීඩාවකින් පසුවූ බව මීගමුව ප්‍රාදේශීය ලේකම් ඉරේෂ් පෙරේරාගේ මරණය සම්බන්ධව පැවති හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඔහුගේ මෑණියන් වූ සිංගප්පුලිගේ සෝමලතා  (68)  මාතාව ප්‍රකාශ කළාය.

මරණ පරීක්ෂණයේ දී මීගමුව පොලිස් නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබා දුන් සෝමලතා මාතාව කියා සිටියේ  සිය පුතාගේ දරුවා බිහි වුන දිනට පසු දිනම මිය ගිය බවය.

ඒ සමග ඇතිවූ සංකූලතා හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වූ බිරිය රාගම පුනරුත්ථාපන රෝහලට ඇතුළත් කළ බව ඇය කීවාය. මේ වනවිට සිය ලේලිය රාගම පුනරුත්ථාපන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ඇය කීවාය.

“ මේ සිද්ධියෙන් පස්සේ පුතා හිටියේ හරිම සිත් තැවුලෙන්. ඒ සිත් තැවුල නිසා පුතා සියදිවි හානි කරගන්න ඇතැයි සිතනවා” ඒ අම්මා තවදුරටත් කීවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවත්, ඉදිරිපත් වූ සාක්ෂිත් පදනම් කරගෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් ඉරේෂ් පෙරේරාගේ මරණණය සිය දිවි හානිකරගැනීමක් බව මීගමුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත විසින් තීරණය කළේය.

 

Exit mobile version