මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය කියයි!

ශ්‍රියානි විජේසිංහ –                                         

නිසි ක්‍රමවේදය යටතේ ඉන්සියුලින්  ලක්ෂ 7කට ආසන්න තොගයක්  මෙරටට පැමිණෙද්දී රුපියල් මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක් හදිසි ටෙන්ඩරක් හරහා මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති  වෛද්‍ය චමල් සංජීව  සඳහන් කරයි.

මෙම මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රශ්න සහගත බවත් කල් ඉකුත් වීමට ආසන්න ඉන්සියුලින් තොගයක් මිලදී ගැනීමට සූදානමක් පවතින්නේ ද යන්න සැක සහිත බැවින් මේ පිලිබඳව වහාම  පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බවත් වෛද්‍යවරයා  කීය.

2023/SPC/E/R/P/00159, DHS/RP/ EP/ 520 /2023 අංක යටතේ මෙම හදිසි ඉන්සියුලින් කුප්පි ලක්ෂ හතර හමාරක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඔහුගේ මට්ටමින් ප්‍රසම්පාදන කමිටු පත් කර අනුමැතිය ලබා දී ඇති බවත් එක එන්නත් කුප්පියක් රුපියල් 600 බැඟින් මිලදී ගැනීමට නියමිත බවත් හෙතෙම පැවැසීය.

MS MEDELA COLOMBO නම් ඖෂධ ආයතනයක් මෙහි සැපයුම්කරුවා ලෙස තෝරාගෙන තිබෙන බවද වෛද්‍ය චමල් සංජීව කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රශ්න සහගත බවත් අවම වශයෙන් මෙම ඖෂධ ගෙන්වීම සඳහා බැංකු ඇපකරයක් පවා තබා ගැනීමකින් තොරව මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇති බවට රාජ්‍ය ඖෂධ සංස්ථාව නිකුත් කළ ලිපියක සඳහන් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

 

Exit mobile version