මිලින්ද මොරගොඩ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා 2021 ඔක්තෝබර් 08 දින ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් ඩොවාල් මහතා නවදිල්ලියේ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී හමු විය.

ජාතික ආරක්ෂක උපදේශක ඩොවාල් මහතා මහ කොමසාරිස් මොරගොඩ මහතා උණුසුම් ලෙස පිළිගත් අතර, ඔහු සමඟ ඉතා සුහද කථා බහක ද නිරත විය. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා දෙරටේ අන්‍යෝන්‍ය උපායමාර්ගික අවශ්‍යතා පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා කළහ.

මහ කොමසාරිස් මොරගොඩ මහතා සිය “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ග 2021/2023” නමැති ප්‍රතිපත්ති මාර්ග සිතියමේ පිටපතක් ද ඩොවාල් මහතා වෙත පිළිගැන්වී ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී අජිත් කුමාර් ඩොවාල් මහතා ඉන්දියාවේ පස්වැනි ජාතික ආරක්ෂක උපදේශකවරයා වේ. ඔහු කැබිනට් අමාත්‍යවරයෙකු හා සමාන තත්ත්වයක පිහිටුවා ඇත.

Exit mobile version