මිරිහානේ ජනාධිපති නිවස ආසන්නයේ විරෝධතාවය දක්වන්නට ගිය අයෙක් විදුලි සැර වැදී මිය යයි…

මිය ගිය පුද්ගලයා විරෝධතාවයේ නිරතවී සිටි ආකාරය...

සමාජ මාධ්‍ය අවහිර කිරීමට විරෝධය පලකරමින් අද මිරිහානේ ගෝඨාභය නිවස ආසන්නයේ අධි බලැති විදුලි කණුවකට නැග විරෝධය පල කළ පුද්ගලයෙක් විදුලි සැර වැදී මියගොස් ඇත.

මේ පුද්ගලයා සිය විරෝධය පලකිරීම සඳහා මිරිහාන එදිරිසිංහ මාවතේ  පිහිටි අධිබලැති විදුලි කණුවකට නැගී විරෝධය පල කිරීමට සැරසෙත්ම  විදුලි සැර වැදී එතැනම මියගොස් ඇත.

මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇත්තේ  මිරිහාන එදිරිසිංහ මාවතේ පදිංචි බොපේ රුවන් එදිරිසිංහ නැමැති පනස් තුන් හැවිරිදි දෙදරු පියෙකි.


මේ වනවිට මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මළ සිරුර වැටී තිබුණු අන්දම

 

Exit mobile version