මිය ගිය මහර රැඳවියන් 11 දෙනාටම කොවිඩ්… තවමත් හඳුනාගෙන ඇත්තේ දෙදෙනයි…

පශ්චාත් මරණ පරීක්ෂණ කරනතුරු සිරුරු අධි ශීතකරණ තුළ

නතාෂා නෙත්මිණී –                                                

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් මියගිය කොවිඩ් ආසාදිත  රැදවියන් එකොළොස් දෙනාගේ   දේහයන් පිලිබදව පශ්චාත් මරණ පරික්ෂණයන් අධිකරණය නියෝගයන් ලබා දෙන තෙක් සිදුකිරීමට නොහැකි යැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙහිදී මියගිය රැඳවියන් හඳුනා ගැනීමේ බරපතල ප්‍රශ්නයක් මතුව ඇති බවත් ඔවුන්ගේ පෞද්ගලික ලිපිගොනු සියල්ලක්ම ගින්නෙන්  විනාශ වී ඇති බැවින් ඔවුන්ට ලබා දී තිබෙන අංකය මත පමණක් හදුනා ගැනීමට සිදුව ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසිය.

පොලිසීය පැමිණ මොවුන් හඳුනාගැනීමෙන් පසුව ඥාතීන් කැඳවා දේහයන් හඳුනා ගැනීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය රැඳවියන් එකොළොස් දෙනාගෙන් අටදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බව මීට පෙර ප්‍රකාශ කලද ඉතිරි රැදවියන් තිදෙනාගේ  පරික්ෂණයන් තහවුරු කර ගැනීමට නොහැකි වුවත් මේ වන විට එම මළසිරුරුද කොවිඩ් ආසාදිත බවට  තහවුරු කරගෙන ඇතැයිද අධ්‍යක්ෂ ෂෙල්ටන් පෙරේරා මහතා සදහන් කරයි.

Exit mobile version