මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

රට පුරා අවුන් සාන් සුකී වෙනුවෙන් උද්ඝෝෂණ  රැල්ලක්

මියන්මාරයේ බලය අත්පත් කර ගත් මිලිටරි පාලනයට එරෙහිව ආරම්භ කළ ජනතා උද්ඝෝෂණයකට එරට පොලිසිය අද වෙඩි තබා  ඇති බවත් මේ වනවිට එම වෙඩි ප්‍රහාරවලින් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්    බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

අද (28) දිනය පුරා මියැන්මාරය පුරාම ජනතා උද්ඝෝෂණ ක්‍රියාත්මක වී ඇති අතර යැන්ගුන්, මැන්ඩලේ සහ ඩවාල් යන නගරවලදී  පොලිසිය උද්ඝෝෂණකරුවන්ට ජීව උණ්ඩ සහ රබර් උන්ඩ යොදා වෙඩි තබා ඇති බව වාර්තා වේ.

ඊට අමතරව මැතිවරණයේ ජයග්‍රහණය හිමි කර ගත් අවුන්සාං සුකී ඇතුලු රාජ්‍ය නායකයන් කිහිප දෙනකුම මිලිටරිය මඟින් අතඅඩංගුවට ගෙන ඇතැයි ද බීබීසී පුවත් සේවය වාර්තා කරයි.


උද්ඝෝෂණයට සහභාගී වූ විශාල ගණනක් තුවාල ලබා ඇති අතර සමාජ මාධ්‍යජාල පවසන්නේ ප්‍රකාශිත සංඛ්‍යාවට වැඩි ගණනක් මිය යන්නට ඇති බවය.

මිලිටරි සපත්තුව ළඟ දණ නැමීමට සූදානම් නොවන බවට යැන්ගුන් නුවරදී ප්‍රකාශ කරමින් උද්ඝෝෂණය කළ පුද්ගලයන්ට මුලින්ම පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ඒල්ලකොට ඇති අතර ඒයින් පාලනය කර ගත නොහැකි තැන ඔවුන් වෙඩිතබා ඇති බව සඳහන් වේ.

යැන්ගුන් නුවරදී පමණක් සිව් දෙනකු මියෙගාස් ඇති අතර මේ පිළිබව ඇසින් දුටු පුද්ගලයකු රොයිටර් පුවත් සේවයට පවසා තිබුනේ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඔවුන් පැමණි විගසම වෙඩි තැබීමට  පොලිසිය කටයුතු කළ බවය.

මියන්මාරයේ  සෙසු නගරවලද අද සවස් යාමය වන තෙක්ම උද්ඝෝෂණ තදිනම පැවති අතර මේ වනවිට අත් අඩංගුවේ සිටින නායිකා අවුන් සාං සුකී නිදහස් කරන ලෙස ඔවුහු දිගින් දිගටම මිලිටරි පාලනෙයන් ඉල්ලා සිටියහ. එසේම හෙට (සදුදා ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට එරට මිලිටරි පාලනය කටයුතු කර ඇති බව පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවුන් සාං සුකීට එරෙහිව නගා අති චෝදනා ලෙස සඳහන් වන්නේ ලියාපදිංචි නොකළ වෝර්කි ටෝකි ඇමතුම් යන්ත්‍ර ළඟ තබා ගැනීම සහ නිරෝධායන නීති කඩ කිරීමය.   ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන්නට සැරසුනත්  ඇගේ නීතීඥවරුන්ට ඇයව හමුවීමේ අවස්ථාවක් සලසා නොමැති බවද බීබීසී ය වාර්තා කරයි.

Exit mobile version