මියන්මාර මැතිවරණ කොමිසමේ නිලධාරීන් නිදහස් කරන්නැයි මෙරට මැකො බලකරයි

මියන්මාරයේ හමුදාව විසින් එරට මැතිවරණ කොමිසමේ සභාපති වූ ලා තෙයින්‌ මහතා ඇතුළු නිලධාරීන්‌ අත්‌අඩංගුවෙන්‌ නිදහස්‌ කිරීමට ක්‍රියා කරන ලෙස මෙරට මැතිවරණ කොමිසම අදාළ බලධාරීන්‌ වෙනින්‌ ඉල්ලා සිටි.

එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව බලවත්‌ කම්පනයට පත්ව සිටින අතර මැතිවරණයෙන්‌ පසුව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය බැහැර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින්‌ බලවන්‌ කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

මැතිවරණ කොමිසමේ නිලධාරීන්‌ සිදු කරනු ලබන්නේ ඔවුනට නීතිය මගින්‌ පැවරී ඇති නීත්‍යානුකූල කාර්යයක්‌
චන හෙයින්‌ එම රාජකාරි කාර්යය ඉටු කිරීම හේතුකොට ගෙන ඔවුනට සිර ගන වීමට සිදුවීම ශෝචනීය බව මෙරට මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියන්මාර මැතිවරණ “කොමිසමේ නිලධාරීන්‌ අත්‌අඩංගුවට ගැනීම ප්‍රජානන්ත්‍රවාදී පාලන ක්‍රමයට බරපතල අගතියක්‌ හා හානියක්‌ ලෙස සලකන ශ්‍රී ලංකා මැනිවරණ කොමිෂන්‌ සභාව මියන්මාර මැතිවරණ කොමිසමේ නිලධාරීන්‌ නිදහස්‌ කර ගැනීමට හැකි උපරිම බලපෑම්‌ කරනු ලබන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු බලවේගවලින්‌ ඉල්ලා සිටී.

Exit mobile version