මියගිය හෝටල් සේවකයාගේ රුධිර පට්ටිකා අඩුවුණේ එන්නත නිසාදැයි පරීක්ෂණයක්

ලලිත් චාමින්ද –

‍ මියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවිමට හේතුවි ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද යන්න පිළිබද තහවුරුකරගැනිම සදහා පටකවේද හා රුධිර පරික්ෂණයක් සිදුකරණ බැව් හෝටල් සේවකයාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සදහන් කළාය.

හෝටල් සේවකයාට මිට සති දෙකකට පමණ ඉහතදි කොවිඩ් එන්නත ලබාදි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය පැවසුවාය.එන්නත ලබාදුන් දින සිට හෝටල් සේවකයාට උණ, ඇගපත වේදනාව, හිසරදය වමනය හා රුධිර පට්ටිකා අඩුවිම යන සංකුලතා ඇතිවි තිබෙන බවද ඇය පවසන්නිය.

මේ පිළිබද සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය මෙසේද කිවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“හෝටල් සේවකයා වයස අවුරුදු 40ක් වන අඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හෝටල් සේවකයාගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවිම නිසා කරාපිටිය රෝහලට මාරුකොට තිබුනා. කරාපිටිය රෝහලේ දි ඔහු මියගියා. මොහුට වෙනත් කිසිදු අසනිපයක් තිබිලා නැහැ. මෙකි පුද්ගලයාගේ මොලයට රුධිරය ගලා තිබුනා. සිරුරේ අනිකුත් අවයවවල ලේ කැටිති හිරවි තිබුනු බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි තහවුරු වුනා. කොවිඩ් එන්නත නිසා මෙම සංකුලතා තත්වය ඇතිවු බව අපිට හරියටම කියන්න බැහැ. ඩෙංගු රෝගි තත්වයක් ද නෙවෙයි. රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවුයේ ඇයිද යන්න පිළිබද පරික්ෂණ මගින් තහවුරු කරගත යුතුවෙනවා. ඒ බව තහවුරු කරගැනිම සදහා පටකවේද හා රුධිර පරික්ෂාවක් හා ඇට මිදුළු පරික්ෂාවක් කරණවා. මියගිය පුද්ගලයාගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවිම කොවිඩ් එන්නන නිසි ඇතිවු තත්වයක්ද යන්න පිළිබද තහවුරුකරගැනිම සදහා පරික්ෂණ සිදුකරන බව”ද සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Exit mobile version