මිනුවන්ගොඩට කොරෝනා ආවේ පිටරටකින්දැයි සොයයි

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ නිර්මාණය වූ කොවිඩ් පොකුරේ මූලාශ්‍රය එම කර්මාන්ත ශාලාවට විදේශයකින් පැමිණි කණ්ඩායමක් හෝ වෙනත් බාහිර කණ්ඩායමක්ද යන්න පිළිබඳව මේ වනවිට බුද්ධි අංශ මඟින් විමර්ශෂණය කෙරෙමින් පවතින බව ලංකාසරට වාර්තා වේ.

මේ වනවිට මෙම කොවිඩ් පොකුර නිර්මාණය වූ ආකාරය සම්බන්ධයෙන් සැමටම විශාල ප්‍රශ්නයක් වී ඇති අතර ඒ පිළිබඳව මූලාශ්‍ර සොයා ගැනීම සඳහා වෛද්‍ය අංශ මෙන්ම යුධ හමුදා සහ පොලිසියට සම්බන්ධ බුද්ධි අංශද තම විමර්ශණ ආරම්භ කර ඇත.

මේ අනුව මෙම කර්මාන්ත ශාලාවට හෝ එහි කාර්ය මණ්ඩලය යම් ආකාරයකින් නිසි ලෙස නිරෝධායන පිළිවෙත් සම්පූර්ණ නොකළ විදේශීය පුද්ගලයන් හෝ විදේශගත ව සිටි පුද්ගලයන් ඇසුරු කළේද යන්න පිළිබඳව මේ වනවිට විමර්ශණයට ලක් කෙරෙමින් පවතී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගියදා මාතරින් නිසි ලෙස නිරෝධායනයට ලක් නොවූ රුසියානු ජාතිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළේ සිට පැමිණීමත් සමඟ විදේශවල සිට පැමිණෙන පුද්ගලයන් නිසි ලෙස නිරෝධායනය වීම සම්බන්ධයෙන් ගැටලු පැන නැගී ඇති අතර මේ විමර්ශණ අංශවල අවධානය ඒ පිළිබඳව යොමුවීමට එයද හේතුවක් වී තිබේ.

Exit mobile version