මිනී මැරුම් 04ක සැකකරුවෙක් වූ ආමි අමිල අත්අඩංගුවට…

ගාල්ල ලලිත් චාමින්ද –

කළු සාගර නැමති සංවිධානාත්මක අපරාධකරුවාගේ ගෝලයකුවන  ආමි අමිල නැමැත්තා  තංගල්ල දැංකැටිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව්  පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු සන්තකයේ තිබි හෙරොයින් මිලි ග්‍රෑම් 3,780 ක් සහ තහනම් කඩුවක් ද  පොලිසිය මගින් සොයාගෙන ඇත.  අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන දැනට  විදේශයකට පැනගොස් සිටින කළු සාගර නැමැත්තාගේ ගොලයෙකු බව පොලිසිය පවසයි. සැකකරු 41 හැවිරිදිවියේ පසුවන අයෙකි

මෙම පුද්ගලයා 2004 වර්ෂයේ දී වීරකැටියෙ සුනිල්, 2004 වර්ෂයේ දී වීරකැටියෙ ධර්මේ  2005 වර්ෂයේ දම්පල ගජනායක සහ 2015 වර්ෂයේ දී පල්ලිකුඩා උක්කුං  වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව පොලිසිය කියයි. සැකකරු වැඩිදුර පරික්ෂණ සදහා තංගල්ල පොලිසියට භාරදි ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර‍ෙගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකායේ වතුකොළකන්ද උප කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට  ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version