මිනී මැරුම් නඩුවක ඇප කොන්දේසි කඩකළ කර්නල් වරයෙක් රිමාන්ඩ්…

jail

මනම්පිටිය නිමල් ජයරත්න –  

මීට වසර දහයකට පෙර වාලච්චේන ප්‍රදේශයේ සිදුකර ඇති බව කියන මිනිස් ඝාතනයකට සම්බන්ධ ත්‍රීකුණාමලය අංක 22 බල සේනා මූලස්ථානයේ  ස්වේච්ඡා සම්බන්ධීකරණ නිලධාරීවරයකු ලෙස කටයුතු කරන කර්නල් වරයෙකු සහ නාවල්අඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා පෙබරවාරි පහළොස් වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහාධිකරණ විනිසුරු තිරු චෙල්ලම් ජෝසප් ප්‍රභාකරන්   නියෝග කළේය.

2013 මැයි 16 වෙනිදා වාලච්චේන ප්‍රදේශයේදී මොහොමඩ් හුසේන් යන අය ඝාතනය කිරීම සම්බන්ධව එවකට නාවල්අඩි යුද හමුදා කඳවුරේ මේජර්වරයකු ලෙස කටයුතු කළ, අසීස් ජුවාන් හච්චි මොහොමදු සහ නාවල්අඩි ප්‍රදේශයේ පදිංචි සියාම් උල් හක් යන අය වාලච්චේන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාලච්චේන පොලිසියේ සෑම මසකම අවසාන ඉරිදා දින අත්සන් කළ යුතු බවට  ඇප කොන්දේසි මත ඇප ලබා දී තිබිණි.

අනතුරුව මෙම නඩුව මඩකලපුව මහාධිකරණයේ විභාගය වෙමින් පැවතිනි. මෙම සැකකරුවන් දෙදෙනා 2021.04.21 දිනෙන් පසුව වාලච්චේන පොලිස් ස්ථානයට පැමිණ අත්සන් කර නොමැති බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

ඒ අනුව ඔවුන් දෙදෙනාම 09 වෙනිදා මඩකලපුව මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට වාලච්චේන පොලිසියේ මගින් මහාධිකරණයට දැනුම් දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2024 පෙබරවාරි 15 දක්වා රක්ෂිත බන්ධනාකරගත කිරීමට, මඩකලපුව මහාධිකරණ විනිසුරු තිරු චෙල්ලම් ජෝසප් ප්‍රභාකරන්  නියෝග කළේය.

Exit mobile version