මිනීමැරුමක් සිදුකර වසර 11ක් තිස්සේ පොලිසියට කට්ටිපැන්න වරෙන්තුකරු මාට්ටු

අම්පාර දෙහිඅත්තකන්ඩිය පොලිස් බලප්‍රදේශයේ සිදු වූ මිනීමරුමකට වරදකරුවෙකු වු 2009 වසරේ සිට කට්ටිපනිමින් සිටී වරෙන්තුකරුවකු පොලිසිය විසින් පසුගියදා කොච්චිකඩේ වාඩියවත්ත කොස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස අත්අඩංගුවට පත් වූයේ දෙහිඅත්තකණ්ඩිය පුස්සලවින්න මාවනාගම පදිංචිව සිටි වයස අවුරුදු 70ක අයෙකි.

දෙහිඅත්තකණ්ඩිය පුස්සලවින්න ප්‍රදේශයේදි
2004 වසරේදී ඩි.ජි. රන්කිරා නැමැති අය මරා දැමීම සහ ඩි.ජි. පියසේන යන අයට තුවාල කිරීම සම්බන්ධව අධිකරණය මගහැර යමින් සිටී අදාළ සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙස අම්පාර මහාධිකරණය විසින් 2009.09.27 දින වරෙන්තුවක් නිකුත් කරන ලදී.


ඔහු දිගින් දිගටම අධිකරණය මඟහැරීම නිසා 2011.11.15 දින චූදිතයා නොමැතිව නඩුව විභාග කර දන්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය යටතේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට වරදකරු කර තිබේ.

ඒ අනුව අදාළ සැකකරු දිගින් දිගටම අධිකරණය මගහැර යමින් පොලිසියට කට්ටි පනිමින් සිටි ඇත. පසුව පොලිසියට ලැබුණු තොරතුරු මත කොච්චිකඩේ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලදී.

අදාළ සැකකරු මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අම්පාර බන්ධනාගාරයට භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ පරීක්ෂණ කටයුතු නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ මඟ පෙන්වීමෙන් අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතාගේ උපදෙස් මත අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ සහ මහඔය සහකාර පොලිස් අධිකාරි රිපාඩ් මහතාගේ අධික්ෂණය යටතේ දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිරොන් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්යාංශයේ පො.සැ.(15614) හේමරත්න , පො.සැ (34934) දසනායක , පො.සැ. (43765) උපුල් , කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති වරයාගේ මගපන්වීමෙන් පො.සැ.(41374) අජිත්, පො.කො.(5203) දිල්ශාන් යන්නේ නිලධාරීන් මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් මොහු අත්අඩංගුට ගෙන තිබේ.

Exit mobile version