මිනිසුන් වහලුන් සේ සේවයේ යොදවන නුවර මහා පරිමාණ ගල්කොරියක් වටලයි

සියලු පාරිසරික නීති රීතී උල්ලංඝණය කරලා...

සමන්ති වීරසේකර –

සමස්ථ පාරිසරික අනුමිතීන් සහ කම්කරු නීති හා සියලුම සෞඛ්‍යය නීති උල්ලංඝණය කරමින් රජයේ ඉඩමක පවත්වා ගෙන ගිය ගල් කොරියක් වැටලීමට මහනුවර කම්කරු දෙපාර්තමේන්තු විශේෂ වැටලීම් කණ්ඩායමක් ඊයේ (21) පෙරවරුවේ පියවර ගත්තේය.

වැටලීම සිදුකරන අවස්ථාවේ කිසිම සෞඛ්‍ය පහසුකමකින් තොරව සේවකයන් තුන් සියයකට ආසන්න පිරිසක් එම ස්ථානයේ සේවයේ යොදවා සිටි අයුරු නිලධාරිහු දුටුවහ. සේවක අයිතිනීන් නොසලකා හරිමින් වහල් සේවයේ යොදවනවාක් සේ පේරාදෙණිය බෝයගම ප්‍රදේශයේ පත්වාගෙන ගිය මෙම ගල්කොරිය ගැන දිගින් දිගටම ලැබුණු පැමිණිලි පදනම් කරගෙන මෙම වැටලීම සිදුකර තිබිණි.


රජයේ ඉඩමක පවත්වා ගෙන යනු ලබන මෙම ගල් කොරියේ මහා පරිමාණ ගල් ක්‍රෂර් තිහක් පමණ ස්ථාපිත කර තිබෙන බව වැටලීම් භාර කම්කරු නිලධාරී උපුල් ආරියරත්න පැවසීය.


එහි සේවයේ නියුතු කිසිදු සේවකයෙකු කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවද පරීක්ෂණ මගින් හෙළිව තිබේ. අක්කර ගණනාවක් පුරා විහිදී ගිය ගල් වලෙහි සැබෑ හිමිකරුවන් කවුද යන්න සොයා ගැනීම දුෂ්කර වී තිබෙන කම්කරු නිලධාරීවරයා කීවේය.

කම්කරු නිතී උල්ලංඝනය කරමින් අනාරක්ෂිත ලෙස කම්කරුවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ගල් කොරියේ හිමිකරුවන් සොයා ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීති මගින් කටයුතු කරන බවද උපුල් ආරියරත්න මහතා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මෙම ගල්කොරිය පවත්වාගෙන යන්නේ සියලුම පාරිසරික නීති පද්ධති උල්ංඝණය කරමින් බව පෙන්වා දුන් ඔහු එවැනි ඉඩක් මෙම ගල්කොරි කරුවන් වෙත ලැබුණු ආකාරය පුදුම සහගත බව කීය. 

Exit mobile version