මිනිස්සු කෑම අඩු කරති ! ලංකාව හාමතේ…. එක්සත් ජාතීන් වාර්තා කරයි…

රට ආහාර සුරක්ෂිතාව සහ පෝෂණය සම්බන්ධ  අර්බුදයක...

A woman carrying food bags walks pasts people standing in queue outside a state-run supermarket to buy essential food items in Colombo on September 3, 2021 as Sri Lanka began imposing price controls on essential food from September 3 after using a state of emergency to seize allegedly hoarded stocks of sugar and rice. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

ශ්‍රි ලංකාවේ පවතින ආහාර ද්‍රව්‍යවල දැඩි මිල හේතුවෙන්  අවදානම් සහගත ජනකොටස් ආහාර පරිභෝජනය අඩු කිරීමට හෝ පෝෂ්‍යදායී බවින් අඩු බාල වර්ගයේ ආහාර මත යැපීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් මේ තත්ත්වය රටේ ආහාර සුරක්ෂිතතාව අර්බුදයට ලක්ව ඇති බව කියා පාන්නක් බවත් එක්සත් ජාතීන් ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය තම වාර්තාවකින් සදහන් කරයි.

මෙම තත්ත්වය රටේ ජනතාවගේ සෞඛ්‍ය සහ පෝෂණ තත්ත්වය කෙරෙහිද සෘණාත්මක ලෙස බලපාන බව එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය තොරතුරු පද්ධති සහ පෙර අනතුරු ඇඟවීම් පිළිබඳ වාර්තාවේ සඳහන් වන ආකාරයට පසුගිය වසර අවසානය වනවිට ශ්‍රි ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල්වල මිල ඉතා ඉහළ මට්ටමක පැවතීමත් පාන් පිටි  ඇතුළු සෙසු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල විදේශ විනිමය අර්බුදය සහ රුපියලේ අගය පහළ යාම මත ඉහළ යාම නිසාත් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන් වේ.


ශ්‍රි ලංකාවේ ජනතාවගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් සියයට 40ක් බත්වලින්ද සියයට 12ක් පාන් පිටි වලින් සහ සියයට 10ක් සීනිවලින් ලැබෙන අතර  රට තුළ පැවති පොහොර අර්බුදය හේතුවෙන් එළවලු මිල ඉතා ඉහළ මට්ටමක පැවතීමත් නිසා මේ වනවිට ජනතාව ආහාර පරිභොජනය අඩු කරන තත්ත්වයක් ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අනුව ශ්‍රි ලංකාවේ ආහාර මිල උද්ධමනය පසුගිය වසරට සාපෙක්ෂ්ව සියයට 22කින් ඉහළ ගොස් ඇත. වැඩි වූ සහල් මිලෙහි ස්ථාවරත්වයක් පසුගිය දෙසැම්බර් මස තුළ පෙන්නුම් කළද ශ්‍රි ලංකාවේ වී අස්වනු සාර්ථකව නෙළෙන 2022 මහ කන්නයේ අස්වනු නෙළිම මේ වනවිට ආරම්භ වී තිබුණද ඉන්ධන මිල ඉහළ යාම සහපොහොර අර්බුදය හේතුවෙන් මෙම අස්වනු නිෂ්පාදනවල මිල තවදුරටත් ඉහළ යා හැකි බවට එම සංවිධනය අනතුරු අඟවා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකා රජය මෙම අත්‍යවශ්‍ය ආහාර දුව්‍ය මිල පාලනය කිරීමට යම් යම් පියවර ගත්තද මේ වනවිට නිර්මාණය වී අති විදේශ විනිමය අර්බුදය සහ දේශීය රුපියලේ අගය පහළ යාම හේතුවෙන් මේ වනවිට මිල අඩු කිරීමට ගත් පියවර සාර්ථකත්වයක් ලබා නැති බවද එම වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version