මින්පසු ආසාදිතන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායනය කරන්නේ නිවෙස් තුළ…

මින් පසු රෝහල්ගත කිරීම සඳහා හෝ කඳවුරුගත කිරීම සඳහා  රැගෙන යනු ලබන්නේ කොවිඩ් ආසාදිත රෝගියා පමණක් බවත් රෝගියාගේ පළමු ආශ්‍රිතයන් ද නිරෝධායනය කරන්නේ කඳවුරු තුළ නොව නිවෙස්වල බවත් කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතින් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

එබැවින් තීරණාත්මක සමාජ වගීමක් සේ සලකා  නිරෝධායනයට ලක් කල පුද්ගලයන් නිවෙස් තුළම සිටින්නට කටයුතු කළ යුතු බව හමුදාපතිවරයා පෙන්වා දුන්නේය. එහෙත් අයෙක් මේ පිළිවෙත කඩ කරන බව වාර්තා වන බවත් එය ඉතාම බිහිසුණු තත්වයක් බවත් ඔහු පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ නිරෝධායනයට ලක්වන සෑම පවුලක් වෙනුවෙන්ම රජය වියලි ආහාර සලාකයක් ලබා දෙන බව කී හමුදාපතිවරයා  ඇඳරි නීතිය පැවැත්වෙන කාලය තුළ අඩු ආදායම් ලාභී සැමට රජය ගියවර ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව ලබා දෙන බවත් හමුදාපතිවරයා කීවේය.


 

Exit mobile version