“මැර මන්ත්‍රී අල්ලන්නැයි ඉල්ලා ජනතාව මහනුවර පොලිසිය වටලති

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ගෝඨා ගෝ ගම විරෝධතා ස්ථානයට අද දහවල් පහර  දීමට පැමිණි පොදුජන පෙරමුණු නාගරික මන්ත්‍රී සංගීත් සිල්වා හෙවත් සුදු මල්ලී ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් මහනුවර පොලීසිය අසළ විශාල පිරිසක් රැස්වී උද්ඝෝෂණය කරන බව වාර්තා වේ.
ඔවුන් එම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා තෙක් විරෝධය අත නොහරින බව ඔවුන් සඳහන් කරති.
මේ වන විට පොලීසිය සියලු ගේට්ටු වසා ආරක්ෂාව තර කර තිබෙන බව සඳහන් වේ.
අරලිය ගහ මන්දිරයට අද උදෑසන මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට පැමිණි පිරිස් ගාලු මුවදොර සාමකාමී විරෝධතාවට පහර දීමට සමගාමීව මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේ තිබූ ගෝඨා ගෝ ගමේ විරෝධතා කලාපයට අදාළ මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් කඩා වැදී පහර එල්ල කළ අතර එහිදී මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වන දිමුතු අබේකෝන් ඇතුලු කීප දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර සිටී.
අරගලයට සහය පළ කරමින් රාජ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක් වැඩ වර්ජනයක නියැලී ඇත.

Exit mobile version