මැයි 09 අපරාධයට මුල පිරූ මැරයින් නීතිය ඉදිරියට පමුණුවන්න… පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණක්!

ගාලු මුවදොර ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියට බලකරමින්  සමාජවාදී තරුණ සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන්  කොළඹ කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

“දේශබන්දු.. ලැජ්ජයි… ඔය යුනිෆෝම් එක ගලවලා දීපන් ළමයෙකුට… “ රගලයට පහර දීමට සැලැස්වූ බවට චෝදනා ලද  බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අරගලකරුවෝ කියති.

ගාලුමුවදොර සාමකාමී උද්ඝෝෂණයට  පහර දුන් පුද්ගලයින් සම්බන්ධව පොලිස් මූ ලස්ථානයෙත් පැමිණිල්ලක් දමා ඇතත් සිද්ධිය සම්බන්ධව වගකිවයුතු  ප්‍රධාන පුද්ගලයින් කිසිවෙක් සම්බන්ධව ප්‍රහාරය සිදු වී දින 06ක් යන තුරුත් නීතිය ක්‍රියාත්මාක නොවීම සම්බන්ධව මේ වනවිට සමාජය තුළ විශාල විරෝධයක්මතුවෙමින් තිබේ.

මේ මූලික සිද්ධිය සම්බන්ධව විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව ජනාධිපතිවරයා කීවත් ගෝල්ෆේස් මැරයන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මකවන බවක් නොපෙනුනත් ඒ සිද්ධිය මුල් කරගෙන රට වටා ඇති වූ භීෂණයට සම්බන්ධ යැයි සැකපිට පුද්ගලයින්  398ක් අත්අඩංගුවට ගෙන ඉන්  159 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද උදේ කීවේය.


මේ වනවිටත් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම් සිදුවන අතර එම අවස්ථා වීඩියෝගත කළ ඡායාරූපයට නැගූ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මුදල් ගෙවමින් බුද්ධි අංශ විසින් එම දර්ශන එකතු කරමින් සිටින බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version