මැනිං වෙළෙඳපලේ මිනී මැරුම කෙසෙල්වත්ත පාතාල බලය වෙනුවෙන් මරා ගැනීමේ දිගුවක්!

විමර්ශන අංශ සැක පහළ කරයි... මිනී මැරුම මෙහෙයවා ඇත්තෙ ඉන්දියාවෙ හිරේ ඉන්න කොළඹ පාතාලයෙක්...

Police line do not cross

අද (21) පෑලියගොඩ, මැනිං වෙළඳපොලේ දී වෙඩි තබා ඝාතනය කළ අඹ ශානක නැමත්තාගේ මරා දැමීම පසුපස කෙසෙල්වත්ත පාතාලයේ බලය තහවුරු කරගැනීම සඳහා ඇති මරා ගැනීමේ තවත් දිගුවක් බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනය මෙහෙයවන්නේ   දැනට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින ධනුක නැමැති පාතාලයා බව ද විමර්ශන අංශ සැක කරයි.

අඹ ශානක නැමැත්තා මින් පෙර අවස්ථා ගණනාවක දී ඝාතනය කරන්නට උත්සාහ කර ඇති බවත් එම ඝාතන උත්සාහයන් වලදී ඔහුගේ ජීවිතය බේරුණත් ඔහු සමග සිටි අය මිය ගොස් ඇති බවත්  පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මැනිං වෙළඳපොලේ පළතුරු කඩ කිහිපයක් හිමි    ව්‍යාපාරිකයෙකි.


සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පස්වරුවේ  සිදුවූ මෙම වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලද පුද්ගලයා   රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සඳහන් වේ.

 

 

 

 

Exit mobile version