මැදමුලනටත්  කොරෝනා ලඟාවෙයි…

මේ වන විට කොරෝනා වසංගත තත්ත්වය නාගරික ප්‍රදේශ වලින් ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත වෙමින් පවතී .
ඉකුත් සතියේ  දික්වැල්ල යෝනක පුර ආසාදිතයන් විශාල ප්‍රමාණයක් හමු වීම නිසා එම ප්‍රදේශය මේ වන විට හුදෙකලා කර තිබේ. ඊට අමතරව වීරකැටිය ප්‍රදේශයේ යක්ගස්මුල්ලෙන් කොරෝනා ආසාදිතයන් 16 හමුවීම සමඟ එම ප්‍රදේශය මේ වන විට හුදෙකලා කර ඇත.
වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ මැදමුලනට කිලෝමීටරයක්  දුරින් පිහිටි යක්ගස්මුල්ල ගම්මානයේ වැඩි වශයෙන් ව්‍යාපාරිකයන් සිටින ගමකි.  ඔවුන් වලස්මුල්ල  තංගල්ල  වැනි ප්‍රදේශවල ව්‍යාපාර කටයුතු සිදු කරන බැවින් එම නගර ද අනාරක්ෂිත බව එම නගරවල ව්‍යාපාරිකයන් සහ ජනතාව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරිකයන් හුදෙකලා කිරීමට පෙර එම ප්‍රදේශවලින් පිටවීම   මීට පෙරද වැලිගම ප්‍රදේශයේ දී දක්නට ලැබුණි .

Exit mobile version