මැතිසබේට නැතිවම බැරි යයි බැසිල්ට ලියු මන්ත්‍රිවරුන් 19 දෙනා මෙන්න

 පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් 19ක් බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා ඔහු වෙත ලිපියක් යොමු කොට ඇත. මෙම මන්ත්‍රීවරුන් බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටියන්නේ රටේ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමටත් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වය රටේ වර්ධනය කෙරහි ලබා දීම සඳහාත් බැසිල් රාජපක්ගේ පාර්ලිමේන්තු පැමිණීම අත්‍යවහ්‍ය කරුණක් බැවින් ඔහුට පාර්ලිමේනතුවට පැමිණෙන ලෙස මෙම මන්ත්‍රීවරුන් ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ලිපියට අත්සැන් තැබූ මන්ත්‍රිවරුන් 19 දෙනා වන්නේ සහන් ප්‍රදීප් විතාන, වසන්ත යාපා බණ්ඩාර, සම්පත් අතුකෝරාළ, සංජීව එදිරිමාන්න, වෛද්‍ය උපුල් ගලප්පත්ති මේජර් ප්‍රදීප් උඳුගොඩ, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, මේජර් සුදර්ශන දෙනිපිටිය, කුමාරසිරි රත්නායක, නාලක බණ්ඩාර කෝට්ටගොඩ,සාලිය එල්ලාවල, අමරකීර්ති අතුකෝරාළ, ඩබ්ලිව් ඩී වීරසිංහ, එච් නන්දසේන, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක, අශෝක ප්‍රියන්ත, කපිල අතුකෝරළ යන මන්ත්‍රිවරුන්ය.

Exit mobile version