මැතිවරණ රැකවරණයට හෙට සිට ජංගම මුර සේවයක්

මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් හෙට (03) සිට රටපුරා විශේෂ ජංගම ආරක්ෂක මුර සේවයක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට මැතිවරණය අවසන් වන තුරු කිසිදු සමාවක් නොලැබෙන බවත් ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වූ අද (02) මධ්‍යම රාත්‍රිය වන විට මැතිවරණයට අදළල පැමිණිලි 357 ක් පොලීසියට ලැබී තිබුණු බවද ජාලිය සේනාරත්න මහතා සදහන් කළේය. ඒ අතර මැතිවරණයට අදාල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 93 ක් ඇතැයිද ඔහු කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම පැමිණිලිවලට අදාලව අත්අඩංගුවට ගැනීම් 440 ක් සිදුව ඇති බවත් ඒ අය අතර අපේක්ෂකයන් 07 දෙනෙක් සිටින බවත් ඔහු පැවැසීය. රථවාහන 124 ක් මේ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම වාහන වලින් 03 ක් රජයේ වාහන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසුවේය.

Exit mobile version