මැතිවරණ දෙකම කල් දැමීමේ සූදානමක්… රට නොහිතන කතාවක් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි!

election

ඉදිරියේදී පැවැත්වීමට යෝජිත ප්‍රධාන මැතිවරණය දෙකම කල් යනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ  ලංකාසරට වාර්තා වේ.

නව මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම ප්‍රමාද වීම හා ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා ඉදිරිපත් වීම නිසා මෙලෙස මැතිවරණ පැවැත්වීම කල් යනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වෙන වෙනම පැවැත්වීමෙන් අධික මුදලක් ඒ සඳහා වැය කිරීමට රජයට සිදුවන බැවින් මැතිවරණ දෙකම එකවර පවත්වා ඒ සඳහා වැයවෙන අධික  මුදල් ප්‍රමාණය ආරක්ෂා කර ගත හැකි බවට රජයට මේ වනවිටත් යෝජනා ඉදිරිපත් වී ඇතැයි පැවසේ.

එසේම ඉදිරි මැතිවරණය සමානුපාතික සහ කේවල ඡන්ද  ක්‍රමය මිශ්‍ර වූ නව ක්‍රමයක් යටතේ පැවැත්වීමට නියමිතව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉහත කාරණා දෙක සම්පූර්ණ වීමට දිගු කාලයක් ගතවන බැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඒ අනුව කල් යනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version