මැතිවරණ දිනය ප්‍රකාශ කිරීමට යළිත් මැතිවරණ කොමිසම අද රැස් වෙයි…

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07)  පෙරවරු 10.30ට මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

මේ සම්බන්ධව පෙරේදා (05) ට්විටර් පණිවිඩයක් නිකුත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇති විට මැතිවරණය පවත්වීමට කටයුතු කරනවා විනා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හෝ වෙනත් පුද්ගලයෙන් ගෙන්වා අදහස් විමසීමට ඇති අවශ්‍යතාවය තමන්ට නොපෙනන බවය.

එමෙන්ම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවන සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ථ ලංකා මක්කල් කොංග්‍රසය ඒකාබද්ධ ලිපියක් යවමින් මැතිවරණ කොමිසමට අවධාරණය කර තිබුණේ මැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති බාධක ඉවත් වී ඇති බැවින් මාර්තු 19ට පෙර මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බවය.


මේ අතර අද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ද වෙනම රැස්වී    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අද මැතිවරණ කොමිෂන් සභාව හමුවී මැතිවරණ දිනය සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වීමට  නියමිතව තිබේ.

Exit mobile version