මැතිවරණ කොමිසමේ චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති පිළි නොගනී!

මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම් චාල්ස් විසින් එවන ලද ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පිළිගෙන නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගිය ජනවාරි 25 වැනිදා පි.එස්.එම්. චාල්ස් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ අතර ඇයගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්  අදාළ ඉල්ලා අස්වීම පිළිගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දිනෙකදී තීරණය කරනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version