මැණිකේ යළිත් වාර්තාවක….

මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි අනුවාදනය රැගත් තෑන්ක් ගෝඩ් බොලිවුඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය යූ ටියුබ් සමාජ මාධ්‍යයට එක් කර පැය 6 ක් ඇතුළත නැරඹුම්වාර මිලියන 3 ඉක්මවා  තිබේ.

තෑන්ක් ගෝඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය සඳහා ගායනයෙන් යොහානි, ජුබිලින් නව්ටියාල් සහ සූර්යා රඝුනාතන් එක්ව ඇත.

සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ තනිෂ්ක් බක්ෂි සහ චමත් සංගීත් විසිනි. පද රචනය රෂ්මි විරාග් සහ දුලාන් ඒ. ආර්. එක්ස් විසින් සිදුකර  තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යූ ටියුබ් වෙත මුදාහැරි තෑන්ක් ගෝඩ් චිත්‍රපටයේ මැණිකේ ගීතය සඳහා රංගනයෙන් දායක වන්නේ ප්‍රකට බොලිවුඩ් නළු නිළියන් වන අජේ දෙව්ගන්, නෝරා පටේහි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රායෙ.


 

Exit mobile version