මාස 06කට පෙර පාරට කඩන් වැටුණු ගලක් නිසයි මේ අනතුර උනේ..

කියන්න ඕන හැම තැනටම කිව්වත් ගල ඉවත් කළේ නෑ... දැන් රියදුරාට බනින්න එපා... ප්‍රදේශවාසීහු කියති.

බස් රථය අනතුරට ලක්වීමට මොහොතකට පෙර.... වම්පස ඇත්තේ කඩා වැටුණු ගලයි. ඒ ගල හේතුවෙන් මාර්ගය පටු වී ඇති අයුරු...

ලුණුගල  බදුල්ල මාර්ගයේ බස් රථය අනතුරට ලක් වූයේ මීට මාස 06කට පෙර එම මාර්ගයට කඩා වැටුණු කළු ගලක් නිසා බව ප්‍රදේශවාසීහු ලංකාසරට පැවසූහ.

මිට මාස 06කට පෙර පැවති අධික වර්ෂාව නිසා විශාල කලුගලක් පාරට වැටී තිබීම නිසා අනතුරු සිදුවූ ස්ථානයේ මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

අද බස් රථය අනතුරට ලක් වූ ස්ථානයේ තුවලාකරුවන් ප්‍රපාතයෙන් ගොඩට ගෙන එමින් සිටිය දී ද එක්වරම කළු ගලක් පෙරළීම නිසා එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළේය. ඔහුට පයක් අහිමවන තරමට තුවාල සිදු වී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කළුගල ඉවත් කරන ලෙස අදාල ආයතන හා බලධාරීන් දැනුවත් කළද  අදාල පුද්ගලයන් හෝ ආයතන සිය වගකීම නිසිපරිදි ඉටු නොකිරීම මෙම අනතුරට ප්‍රධාන හේතුව බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

Exit mobile version