මාස හතක අලි පැටියෙක් මාර්ග සංවර්ධන අධිකාරිය අත්හැර දැමූ වැසිකිලි වලකට වැටී   මරුට…

සූරියවැව නුවන් ජයසේකර 

හම්බන්තොට ගුවන් පාලම අසල මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාර්යාලයක් පවත්වාගෙන ගොස් අතහැර දැමූ ස්ථානයක පිහිටි වැසිකිළි වලකට වැටීමෙන් වන අලි පැටියෙකු මියගොස් සිටියදී හම්බන්තොට වනජීවී නිළධාරීන් විසින් ඊයේ (07) සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් සිටියේ මාස 07ක් පමණ වයසැති වන අලි පැටියෙකි.

වන අලි පැටියා මියගොස් සිටි ස්ථානය මිට කලකට පෙර මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කාර්යාලයක් පවත්වාගෙන ගොස් ඇතහැර දැමූ ස්ථානයකි. එම කාර්යාලය පවත්වාගෙන ගිය කාල වකවානුවේ එහි භාවිතය සදහා ඉදිකර තිබු අද වන විට ඒ සඳහා කිසිදු ආවරණයක් නොමැති වැසිකිළි වලකට වැටී සිරවීමෙන් මෙම වන අලි පැටියා මියගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැසිකිළි වලට වැටි මියගොස් සිටි වන අලි පැටියාගේ සිරුර ගොඩ ගැනිම  සඳහා වනජීවි නිළධාරීන්ට මහත් පරිශ්‍රමක් දැරිමටද සිදුවීය. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිළධාරීන් වැඩි දුර පරික්ෂණ පවත්වයි.


 

Exit mobile version