මාසෙකට 7500ක පඩියක් අරන් ජීවත් වෙන්න නොමැරී මැරෙන මිනිස්සු….

අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 687 සඳහා    දිනකට රුපියල් 250 ක ගෙවීමක් මත  වසර 9ක් තිස්සේ  සේවයේ යෙදී සිටින දුම්රිය ගේට්ටු කරුවන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බව  අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමයේ සභාපති අනුරාධපුර ගේට්ටු කරු ආර්.අශෝක බංඩාර ලංකසර ට පැවසුවේ ය

අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගව සිදුවන අනතුරු වැළැක්වීම සඳහා  අනාරක්ෂිත ගේට්ටු 687කට එක්    ගේට්ටුවකට  තිදෙනා බැගින් ගේට්ටුකරුවන් 2061 දිනකට රුපියල් 250ක දීමනාවකට    වර්ෂ 2013 දී  මෙසේ බඳවාගෙන තිබිණි.

“අපි මේ සේවයට බඳවා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් කාලේ… බඳවා ගැනීමේ පදනම අපි එදා දැනගෙන හිටියෙත් නෑ…  අද දන්නෙත් නෑ… දවසක පැය අටේ සේවයට රුපියල් 250 අපිට ගෙවන්නේ….මාසෙටම රුපියල් 7,500යි….

පෙබරවාරි මාසේ දින 28 නිසා දින දෙකකට රුපියල් 500ක්  කපනවා… මාසෙට දින 30 ට වඩා වැඩි වුනොත් ගෙවන්නේ 7500 යි.. දවසට    රුපියල් 250ක් අරගෙන මිනිස් ජීවිත රකින පිරිසක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති… .”


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව අදහස් දක්වමින් අනාරක්ෂිත දුම්රිය ගේට්ටුකරුවන්ගේ සංගමයේ සභාපති අනුරාධපුර ගේට්ටු කරු ආර්.අශෝක බංඩාර ලංකසර ට පැවසුවේ ය

Exit mobile version